මේ කව්ද ? මොනවද කරන්නේ ?

png

පසුගිය වසර පහ තුල සාවද්‍ය ඉන්වොයිස් කිරීම හරහා ඩොලර් බිලියන 56ක් වංචා කිරීම පිලිබද චෝදනා එල්ලවන්නේ එක්ස්පෝ ලංකා ආයතනයට. ඒ කොවිඩ් සමයේ ඉපැයූ පිලිගත නොහැකි වූ ලාභ නිසා.

එම ආයතනය වසර දෙකක් තුල, එනම් 2019 වසරේ තිබූ රුපියල් මිලියන 1909 ලාභයේ සිට සිට 2021 වන විට මිලියන 72792 දක්වා ඉහල ගිය ලාභයක් වාර්තා කරනවා . එය කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයක අවධියේ වීම ප්‍රශ්නකාරීයි.

2019/20 මූල්‍ය වර්ෂයේ සිට 2021ජුනි මාසය දක්වා කාලය තුළදී එක්සපෝ ලංකා සමාගමේ කොටස් හිමිකරුවන් සංඛ්‍යාව 4,500 සිට 13,719ක් දක්වා ඉහළ නගිනවා. 2020/21 මූල්‍ය වර්ෂය නිමාවට පත්වන විට එක්ස්පෝලංකා සමාගමේ දළ ලාභය රුපියල් බිලියන 14.8ක් බවට පත්ව තිබේ.

2021/22 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 259%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
එය සම්පූර්ණයෙන් ඩබල් ඉන්වෙයිස් නැතිනම් සාවද්‍ය ඉන්වොයිස් කරනය හරහා සිදුවූ ආර්ථිකය සාවඥ ව හැසිරවූ තත්වයක අතුරු ඵලයක් බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය.

එක්ස්පෝ ලංකා සමාගම කොටස් වෙළදපොලේ ලැයිස්තුගත සමාගමක් ලෙස පැවති තත්වයෙන් ඉවත් වූ පසු ජපන් සමාගමට කොටස් විකුනු පසු තවදුරටත් එහි ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කරන්නේ හනීෆ් යුසුප් නැමැත්තාය.

කව්ද මේ හනීෆ් යුසුෆ්.

ශ්‍රීලංකාවේ උන්ඩියල් ව්‍යාපාරයේ අංක එකේ ඒජන්තවරයාය.

අනුර දිසානායක වෙත අප්‍රසිද්ධියේ පූර්ව මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ආයෝජනය කල තැනැත්තා ලෙස බොහෝ දෙනා හදුන්වාදෙන්නාය.

කොළඹ නිල සහ නොනිල ආර්ථිකය බලවේගය මෙහෙයවන්නා ලෙස කොටස් වෙළදපොළ හා සම්බන්ධ අයගේ අදහසක් ඇති තැනැත්තාය

2024 සැප් 21 පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු දින 6ක් ඇතුලත අනුර විසින් කඩිමුඩියේ පත්කල ශ්‍රීලංකා වේ අගනුවර ඇතුලත් ආර්ථික මර්මස්ථානය බදු බස්නාහිර පලාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කල පුද්ගලයාය.

තවදුරටත් කීවොත් ,

කිසිම විශේෂ තදබදයක් හෝ වැඩ වර්ජන , ස්වභාවික විපතක් නොතිබුන සාමාන්‍ය විදියට වරායෙ එදිනෙදා කටයතු කරමින් ගිය කලෙක, කෘතීමව ක්ෂණික තදබදයක් නිර්මාණය කර අනිවාර්ය පරීක්ෂණයට භාජනය කල යුතු කන්ටේනර් 255ක් ඇතුලුව සම්පූර්ණ කන්ටේනර් 323ක් කිසිදු පරීක්ෂණයකින් තොරව නිදහස් කල තත්වයක් යටතේ වැඩිම කන්ටේනර් ප්‍රමාණයක් මෙරටට ගෙන්වූ ව්‍යාපාරිකයාය.

පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඉහත කී කරුණ ගලපා බලන්න. යම්හෙයකින් වෙනත් පාලනයක් යටතේ මෙවැනි දෙයක් සිදුවූ නම්

අනුර දිසානායකගේ පාර්ලිමේන්තුවේ හැසිරීම කෙසේ වේද ?

ටිල්වින් සිල්වාගේ ලිප්ටන් වටරවුමේ හැසිරීම කෙසේ සිදුවේවිද ?

අනුමාන වශයෙන් කිලෝග්‍රෑම් 6,500,000 ක කන්ටේනර් රේගු පරීක්ෂණයෙන් තොරව නිදහස් කිරීමට උපදෙස් දුන්නේ කව්ද?

වරාය නියෝජ්‍ය ඇමැතිවරයා එහි වගකීම රජය බාරගන්නවා යැයි කියන්නේ කුමක පදනමකින්ද ?

වරාය ඇමති බිමල් රත්නායක මේ ගැන නිහඩ ඇයි ?

ජනාධිපති අනුර දිසානායක මේ ගැන නිහඩ ඇයි.

ආසන්න වශයෙන් මේ කිලෝ 6,500,000 හි තිබුනේ මොනවාද ?

මත් ද්‍රව්‍ය? රත්තරන්? සුඛෝපභෝගී වාහන? අවි ආයුධ ? භාවිතයට නුසුදුදු ඖෂධ? අනවසර රූපලාවණ්‍ය නිෂ්පාද? වෙනත් දෑ ?

මෙය ශ්‍රීලංකාවේ විශාලතම අයථා ගණුදෙනුව එසේත් නැත්නම් හොරකමක් යැයි නොකියන්නට ඔබට ඇති කරුණු මොනවාද ?

Leave A Comment