ලංකාව තුළ LGBTQ ප්‍රවර්ධනය කිරීමට USAID හරහා මුදල් ලබා ගත්තේ යැයි සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් පැතිර යන අතර, USAID මුදල් ගලා ගියේ කුමන පුද්ගලයින් සඳහා දැයි නම් ලැයිස්තුවක් ද, සමාජ මාධ්‍යයේ සැරිසරයි. ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීරගේ නම ද මේ සම්බන්ධයෙන් කියවෙයි.
දිලිත් ජයවීරගේ හිමිකාරත්වය යටතේ පවතින බව කියන puls.lk සඟරාවෙන් මෙම LGBTQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා USAID හි ආධාර ලැබුණු බව මෙම ප්‍රචාරයන් හි කියවෙයි. එම ප්‍රචාර සම්බන්ධයෙන් දිලිත් ජයවීර කිසිදු විරෝධයක් මෙතෙක් දක්වා නොමැති අතර, විශේෂයෙන්ම ජාතිකවාදී දේශපාලන ස්ථාවරයක් දරන බව ලෝකයට පෙන්වන දිලිත් ජයවීර මෙවැනි කටයුත්තක් සඳහා සම්බන්ධ වීම ඔහු සමග එක්ව කටයුතු කරන උදය ගම්මන්පිල, විමල් වීරවංශ යනාදීන්ගේ විරෝධයක් එල්ල වූ බවක් ද, පෙනෙන්නට නැත.
විශේෂයෙන්ම සිංහල බෞද්ධ නායකයෙක් සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙන් බලයට පත් කළ යුතු බව කියමින් දියත් වූ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් ම මෙහෙයවන ලද්දේ දිලිත් ජයවීර වන අතර, අමෙරිකානු පුරවැසියෙකු බලයට පත් කිරීම සඳහා දිලිත් ජයවීර සිංහල බෞද්ධයන් රැවටූ අයුරු සියළුම ශ්‍රී ලාංකිකයන්ට අමතක වීමට හේතුවක් නැත. විමල් වීරවංශ නිතරම කියවන අමෙරිකානු අධිරාජ්‍යවාදය පරාජය කිරීම වෙනුවට ඔවුන් විසින් සිදු කර ඇත්තේ අමෙරිකානු පුරවැසියෙක් රටේ ජනාධිපති ධුරයට පත් කිරීමේ අමෙරිකානු කුමන්ත්‍රණයක් සිංහල බෞද්ධයන් රවටා සිදු කර ගැනීම බව පැහැදිලි විය.
එමෙන්ම, රාජපක්ෂලාගේ පරාජයෙන් පසු ජාතිකවාදී කඳවුර තමන් වෙත ඇද ගැනීම උදෙසා ව්‍යාජ ජාතිකත්වයක් පෙන්නුම් කිරීමට දිලිත් ජයවීරගේ ප්‍රචාරණ ව්‍යාපෘතිය මගින් විශේෂ උත්සාහයක් ගත් අතර, තවමත් ඔහු පවසන්නේ ජාතිකවාදී ව්‍යවසායකත්වයක්, සංස්කෘතියක් සම්බන්ධයෙනි. ඔහු වටා එකතු කරගෙන සිටින ගම්මන්පිල, වීරවංශ වැනි පිරිස් ද ජාතිකත්වය මුවාවෙන් බලය ලබාගෙන එම බලය අයුතු ක්‍රියාවන්ට යොදවා ගත් පිරිසක් වන අතර, තම puls.lk සඟරාව හරහා LGBTQ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා අමෙරිකානු පුරවැසියන්ගේ සංවිධානයක් වන USAID හි ආධාර ලබා ගත් බවට වන චෝදනාව සත්‍යයක් විය හැක්කක් බව පැහැදිලිය. MCC ගිවිසුම හරහා ශ්‍රී ලංකාව අමෙරිකානු යටත් විජිතයක් වන බවට ව්‍යාජ ලෙස චෝදනා කරමින් සිංහල බෞද්ධ නායකයෙකු ජනාධිපති ධුරයට පත් කොට ජාතික ආරක්ෂාව, සංස්කෘතික දේහය රැක ගත යුතු බවටත් ප්‍රචාරණය කොට අමෙරිකන්කාරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරවමින් රට බංකොලොත් භාවයට ඇද දැමීමට දායක වූ දිලිත් ජයවීරලා තවමත් ව්‍යාජ ජාතිකත්වයේ සළුපිළු පැළැඳගනිමින් සිදු කරන්නේ වීරවංශලා කියන ‘අමෙරිකානු අධිරාජ්‍යවාදයේ ඉත්තන්’ ලෙස කටයුතු කිරීමක් බව බුද්ධිමත් ජනතාවට ඒත්තු ගොස් හමාර ය.
