
මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහෝදරයා ‘මහජන ආරක්ෂාවේ’ බලගතුකම හේතුවෙන් ආතතියට පත්ව පිටව යාමට තැන් සොයද්දී තම වාහනය සමග ‘ඩ්‍රයිවර් බූරු සහෝදරයා’ සෙවීම මාධ්‍ය තුළ කතා බහට ලක් වුයේය.
ගනේමුල්ලේ සංජීව උසාවිය තුල දීම ඝාතනය කිරීමෙන්, ආණ්ඩු බලය ගත් දා සිට විවිධ ‘නාගැනීම්’ හමුවේ ආතතියට පත් ව සිටින මාලිමා ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ ආතතිය තදබල ලෙස වැඩි වී ඇති බවක් පෙනේ.
මේ එවැනි තවත් සිදුවීමකි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ වාහනයට ගේට්ටුව ඇරීමට ප්‍රමාද වීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක කාර්යමණ්ඩලයට කුණුහරුපයෙන් බැනීමට කුමාර ජයකොඩි කටයුතු කිරීම එම සිදුවීමයි.
එක් එක් දිනවල එක් එක් වාහනවල පැමිණෙන ඉංජිනේරු කුමාර පැමිණෙන්නේ කුමන වාහනයේ ද යන්න ආරක්ෂක අංශ දැන සිට නැත. එහෙයින් මෙකී ප්‍රමාදය ඇතිව තිබේ.
කෙසේවෙතත්, දිනෙන් දින ලියලන ‘මාලිමා ආතතිය’ රටට හොඳක් කරන්නක් නම් නොවන බව කිව යුතු ය. ලංකා විදුලිබල මණ්ඩලයේ ආරක්ෂක කාර්යමණ්ඩලයට කුණුහරුපයෙන් බැනීමට කුමාර ජයකොඩි කටයුතු කිරීම එම සිදුවීමයි.
එක් එක් දිනවල එක් එක් වාහනවල පැමිණෙන ඉංජිනේරු කුමාර පැමිණෙන්නේ කුමන වාහනයේ ද යන්න ආරක්ෂක අංශ දැන සිට නැත. එහෙයින් මෙම ප්‍රමාදය ඇතිව තිබේ.
කෙසේවෙතත්, දිනෙන් දින ලියලන ‘මාලිමා ආතතිය’ රටට හොඳක් කරන්නක් නම් නොවන බව කිව යුතු ය.
